Tuesday, July 17, 2018


තත්ත්ව කව ව්‍යාපෘති

1. කවයේ නම :- ප්‍රතිභා කවය
කවයේ නායකයාගේ නම :- ඩබ්.එච්. ලලිත්           මයා                             සාමාජිකයන් ගණන :- 05

2. ව්‍යාපෘති කාල සීමාව :- 2016.01.01 සිට 2017.12.31 දින දක්වා

3. නියැලී සිටි ව්‍යාපෘතිය (හෝ විසදූ ගැටලූව)
            හිඟ බදුකරුවන්ගේ ප්‍රතිශතය අවම කිරීම, ඉඩම් ආදායම් රැස් කිරීම ක්‍රමවත් කිරීම හා වර්ධනය කිරීම.

4. එම ගැටලූව කවයේ ව්‍යාපෘතියක් ලෙස තෝරා ගැනීමට බලපෑ සාධක විස්තර කරන්න.
                                I.   ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ කොට්ඨාශ 19 ක් පුරා විශාල බදු කරුවන් සංඛ්‍යාවක් ව්‍යාප්තව සිටීම
                             II.   වාර්ෂික බදු,ඵලදා බදු හා දීර්ඝකාලීන බදු වශයෙන් බදු වර්ග පැවතීම
                           III.   ගාල්ල දිස්ත්‍රිකයේ බදු ආදායම පවතින ප්‍රමාණයට වඩා දෙගුණ කර ගැනීමේ හැකියාව ඇති බව ප්‍රගති සමාලෝචන රැස්වීම් වලදී හා විගණන කමිටු රැස්වීම් වලදී තහවුරු වීම
                          IV.   ප්‍රගති සමාලෝචන රැස්වීම් වලදී හා විගණන කමිටු රුස්වීම් වලදී දෝෂ දර්ශනයට ලක්වීම
 
5. ගැටලූවට අදාළ දත්ත විශ්ලේෂණය කිරීමෙන් හදුනාගත් හේතු සදහන් කරන්න.
                                I.   ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බදු ඒකක නිසි පරිදි ස්ථාපනය නොකිරීම
                             II.   නිලධාරී උද්යෝගය අඩු වීම
                           III.   බදු ඒකක සඳහා නිලධාරීන් නොමැති වීම
                          IV.   බදු ලේඛන නිසි පරිදි නඩත්තු කර නොතිබීම
                             V.   බදු ඒකක කෙරෙහි ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ අවධානය අඩුවීම
                          VI.   බදු ඒකක කෙරෙහි පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය අඩු වීම.

6. අදාළ ගැටළුවට ලබාදුන් විසදුම් විස්තර කරන්න.
                                I.         බදු ඒකක පිහිටුවීම
                             II.         ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට නිලධාරීන් නිසි පරිදි ස්ථාන ගත කිරීමෙන් බදු නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම
                           III.         බදු ආදායම් පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
                          IV.         ග්‍රාම නිලධාරීන් සඳහා පුහුණු වැඩ සටහන් පැවැත්වීම
                             V.         නිශ්චිත කාළ රාමුවක් තුළ බදු ලේඛන හා ගිණුම් සකස් කළ යුතු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැණුවත් කිරීම
                          VI.         ප්‍රගති සමාලෝචන රැස්වීම් වලදී ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිශ්චිත ඉලක්ක ලබා දීම
                        VII.         උපමාන පාදකවලට ප්‍රතිපාදන වෙන් කිරීම මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිශ්චිත ඉලක්ක ලබා දීම
උදා:-      1. ලේඛනාගාර සංරක්ෂණ ව්‍යාපෘතිය
                   2. රක්ෂිත ඉඩම් මැන හදුනා ගැනීමට මුදල් ලබා දීම
                     VIII.         බදු අයකිරීම හා බදුකර සකස් කිරීම දක්වා එම ක්‍රියාවලියට සක්‍රීයව දායක වන සියලු නිලධාරීන් සඳහා කොමිස් මුදලක් ලබා දීමට යෝජනා වීම.

7. අදාල තත්ත්ව කව ව්‍යාපෘතිය තුළින් ලැබුණු ප‍්‍රතිඵල දක්වන්න. (හැකි සෑම විට ම මිනුම් / දර්ශක භාවිතා කරන්න)

                                I.         2016 හා 2017 වර්ෂවල හිඟ බදු අය කිරීම් සංසන්දනය කළ විට 50% ප්‍රතිශතයකින් වර්ධනය කර ගත හැකි වීම.
                             II.         2016 වර්ෂයේදී 2017 වර්ෂයට වඩා අලුතින් හදුනාගත් බදු කරුවන්ගෙන් රු. 51,944,547/- ක මුදලක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් එකතු කිරීමට හැකි වීම
                           III.         බදු ඒකක කෙරෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ විශේෂ අවධානය යොමු කරවා ගත හැකිවීම

                          IV.         ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම් පවත්වාගෙන යන ක්‍රමවේදයන් එකකට එකක් වෙනස් ලෙස පැවතියද සියළු කාර්යාලවල එකම ආකාරයකින් බදු ගිණුම් හා ලේඛන සකස් කිරීමට හැකි වීම.                                               
                             V.         බදු ඒකක සක්‍රීයව පවත්වා ගෙන යාමට හැකි වීම
                          VI.         ඉඩම් අදායම් රැස් කිරීම ක්‍රමවත් වීම, ගැටළු අවම වීම
                        VII.         සාර්ථකව ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට හැකි වීම
                     VIII.         විගණන විමසුම් වලට ලක්වීම අවම වීම.

8. පසු විපරම් කටයුතු කළ ආකාරය විස්තර කරන්න.

                                I.         මාසික ප්‍රගති වාර්තා (ඉඩම් අදායම්) වාර්තා පරීක්ෂා කිරීම
                             II.         තුන් මසකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීඹ් පවත්වා ඉලක්ක කරා ලගා වී තිබේදැයි නිරන්තර පරික්ෂාවන් සිදු කිරීම
                           III.         සෑම සතියකම එක් දිනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීක්ෂා කිරීම සඳහා සහකාර ඉඩම් කොමසාරිස් තුමිය හා බදු විෂය අදාල නිලධාරීන් ඒ ඒ කාර්යාල කරා යෑම, හා තොරතුරු පිළිබඳ නිරන්තර අධික්ෂණයන් සිදු කිරීම, ඔවුන් අගය කිරීම හා දිරිමත් කිරීම, ප්‍රශංසාත්මක ලිපි යැවීම

9. පහත පියවරවල දී භාවිතා කරන ලද තත්ත්ව පාලන මෙවලම් (Quality Tools) ශිල්පීය ක‍්‍රමයන් දක්වන්න.

පියවර
මෙවලම් / ශිල්පීය ක‍්‍රම
ගැටලූ හදුනා ගැනීම
බුද්ධි කලම්භණය
·         ඒ ඒ නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කර සියළු දෙනාගෙන් අදහස් විමසා තර්ක කිරීමෙන් අනතුරුව සියලු අදහස් තුළින් ගැටළුව කුමක්දැයි හදුනා ගැනීම
ගැටලූ ප‍්‍රමුඛතාකරණය
Fish bone ක්‍රමය හෙවත් මාළු කටු සැලැස්ම .
විවිධ හේතුන් හරහා අවසානයේදි නියමිත ගැටළු හදුනා ගැනීම
ගැටලූ විශ්ලේෂණය
දෝෂ අවම කිරීමේ න්‍යාය හෙවත් Six Sigma  ට භාවිතා කිරීම
දත්ත රැස්කිරීම
Check sheet (ප්‍රගණන වගු භාවිතය)
විසඳුම් ජනනය
5W , H භාවිතය
Why - ඇයි
What - මොනවාද
When - කවදාද
Who - කවුද
How many- කොහොමද
විසඳුම් තෝරා ගැනීම
මුලික අවශ්‍යතා හදුනාගෙන එයට පිලිතුරු යෙදීම Balance Core Card තුලනාත්මක පාලන සටහන




Check

Do


  දීර්ඝ කාලින බදුකර සකස් කිරිම


අවශ්‍ය ලේඛන
Ø  රජයේ ඉඩම් කළමනාකරණ වාර්තාව
Ø  ඉල්ලිම් ලිපිය
Ø  තත්ත්ව වාර්තාව
Ø  19 පරිශ්ෂ්ටය
Ø  පිඹුර හෝ දළ අනුරේඛණය
Ø  17 පරිශිෂ්ටය
Ø  2009/5 දිව්රුම් ප්‍රකාශය (බදු ගෙවන බවට)
Ø  ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍ර ලේඛනය අනුව ඉඩම් කච්චේරි අනුමැතිය අවසන් තේරීම් ලැයිස්තූව/ ඉඩම් කච්චේරි වර්ෂය දැක්වෙන ආකෘතිය
Ø  පළාත් පාලන ආයතනයේ එකඟතාවය
Ø  වෙනත් ආයතනයන්හි එකඟතා (අදාළ වන පරිදි)
Ø  වාණිජ කටයුත්තක් නම් ව්‍යාපෘති වාර්තාව
පියවර         
1.      ලැබෙන ලේඛන පරීක්ෂා කිරීම.
2.      අඩුපාඩු සහිත ලේඛන අඩුපාඩු හදුනා ගැනීම හා අඩුපාඩු සඳහන් කර  මූලස්ථාන ඉඩම් නිලධාරි වෙත යොමු කිරීම.
3.      මූලස්ථාන ඉඩම් නිලධාරීගේ නිර්දේශ සටහන් අනුව අඩුපාඩු ඇත්නම් සහකාර ඉඩම් කොමසාරිස්ගේ නිර්දේශ මඟින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම.
4.      නිවැරදි ලේඛන ඉඩම් කොමසාරිස්ගේ නිර්දේශ සහිත ව ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
5.      බදුකරය අනුමත වූ ලිපිය ලැබුණු  පසු එම ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමු කිරීම

සැලකිය යුතු කරුණු
                                   I.            පදිංචිය සඳහා පර්චස් 20ක් ද කෘෂිකාර්මික කටයුතු සඳහා පර්චස් 80ක් ද නොඉකමවිය යුතු වේ.