Wednesday, August 15, 2018


විෂය            :         නව දීමනාපත්‍ර සකස් කිරීම


අවශ්‍ය ලේඛන
Ø  ප්‍රාදේශීය ලේකම් නිර්දේශ සහිත ආවරණ ලිපිය
Ø  ප්‍රාදේශීය ලේකම් සහතිකය
Ø  බලපත්‍රයේ සහතික පිටපත
Ø  ලෙජරයේ සහතික පිටපත
Ø  1 ආකෘතිය
Ø  2 ආකෘතිය
Ø  මිනින්දෝරු අධිකාරී සහතික කරන ලද රේඛා චිත්‍රය
Ø  කට්ටි විස්තර ලැයිස්තුව
Ø  නමේ වෙනසක් ඇත්නම් බලපත්‍රකරුගේ උප්පැන්න සහතිකය හෝ ජාතික හැදුනුම්පතෙහි සහතික පිටපත
Ø  දිමනාපත්‍රය සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් පරිගණක ආකෘතිය
(සංයුක්ත තැටි ගත කර හෝ විද්‍යුත් තැපෑල මඟින්)
Ø  www.dropbox.com අහස් ධාවක වෙබ් අඩවිය
පියවර         
1.      නව දිමනාපත්‍ර සකස් කිරීම සඳහා ලැබෙන ලේඛන පරීක්ෂා කිරීම.
2.      අඩුපාඩු සහිත ලේඛන අඩුපාඩු හදුනා ගැනීම හා අඩුපාඩු සඳහන් කර  මූලස්ථාන ඉඩම් නිලධාරි වෙත යොමු කිරීම.
3.      මූලස්ථාන ඉඩම් නිලධාරීගේ නිර්දේශ සටහන් අනුව අඩුපාඩු ඇත්නම් සහකාර ඉඩම් කොමසාරිස්ගේ නිර්දේශ මඟින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම.
4.      නිවැරදි ලේඛනවල තොරතුරු අනුව පරිගණක දත්ත පද්ධතිය පරීක්ෂා කිරීම.
5.      එසේ පරීක්ෂා කරන ලද දත්ත පද්ධතියේ ද අඩුපාඩු නොමැති නම් නව දීමනාපත්‍රයක් සකස් කිරීම සුදුසු බව යෝජනා කර ස.ඉ.කො/ මූ.ඉ.නි. වෙත ඉදිරිපත් කිරිම
6.      නිර්දේශ ලද පසු නව දීමනාපත්‍ර සකස් කිරීම සඳහා ඉඩම් කොමසාරිස්ගේ නිර්දේශ සහිත ව ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
7.      අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් සකස් කර ලැබෙන දිමනාපත්‍ර නිවැරදි දැයි පරීක්ෂා කිරිම
8.      ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරිම
සැලකිය යුතු කරුණු
                                         I.            බලපත්‍රය අස්ථාන ගත වී ඇත්නම් කිසිදු මූල්‍යමය ආයතනයකට උකස් නොකළ බවට දිව්රුම් ප්‍රකාශය
                                       II.            රේඛා චිත්‍රයේ සඳහන් බිම් ප්‍රමාණය හා භුක්ති විඳින බිම් ප්‍රමාණය අතර වෙනසක් පවතී නම්,ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ  2013/2 හා 2014/09 චක්‍රලේඛ අනුව කටයුතු කර තිබීම.
                                     III.            දීමනාපත්‍රය සකසන බලපත්‍රකරු නමින් ලෙජරය/බලපත්‍රය සකස් වි තිබිය යුතු ය.